රන් මිලත් බසී | දිනමිණ

රන් මිලත් බසී

පවුම 10,000කින් පහළට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් මෙරටට ලැබීමත් සමඟ ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ශක්තිමත් වීම හේතුවෙන් රන් පවුමක මිල රුපියල් 10,000කින් පමණ පහළ බැස තිබේ.

කොළඹ හෙට්ටිවීදියේ රත්රන් ආභරණ වෙළෙඳ සැල් හිමියන් පවසන්නේ ඊයේ (22) රන් පවුමක මිල රුපියල් දස දහසකින් පමණ පහත වැටී ඇති අතර, ඒ අනුව කැරට් 24ක රන් පවුමක මිල රුපියල් 165,000ක් සහ කැරට් 22ක රන් පවුමක මිල රුපියල් 151,250ක මිල වන බවයි.

ශ්‍රී ලංකා මහා බැංකුවට අනුව ඊයේ (22) ඩොලරයක විකුණුම් මිල රුපියල් 330.16ක් වන අතර, ඩොලරයක ගැනුම් මිල රුපියල් 312.31ක් ලෙස සටහන් විය. නමුත් පුද්ගලික වෙළෙඳ පොළ තුළ ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල මෙයට වඩා අඩු පරාසයන් යටතේ දක්නට ලැබිණි.

රක්ෂණ ශ්‍රියන්ත

නව අදහස දක්වන්න