SLT-MOBITEL 2022 Effie සම්මාන උලෙළේදී ඇගැයෙයි | දිනමිණ

SLT-MOBITEL 2022 Effie සම්මාන උලෙළේදී ඇගැයෙයි

SLT නියෝජිතයන් කුසලතා සම්මානය ලබාගත් අවස්ථාව සහ Mobitel (පුද්.) සමාගමේ නියෝජිතයන් තමන් වෙත හිමි වූ ලෝකඩ සම්මාන අතැතිව.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, ‘Effie Awards 2022’ සම්මාන උලෙළේදී ක්ෂේත්‍රය තුළ මෙන්ම පාරිභෝගිකයන් තුළ සැබෑ වෙනසක් ඇතිකරන ආකාරයේ පුරෝගාමී අලෙවිකරණ වැඩසටහන් ක්‍රියාවට නැංවීම වෙනුවෙන් ලෝකඩ සම්මාන ද්විත්වයකින් සහ කුසලතා සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. තවද අන්තර්ජාල / ටෙලිකොම් කාණ්ඩය යටතේ මෙම සම්මාන උලෙළේදී සම්මාන දිනූ එකම දුරකථන සන්නිවේදන සමාගම SLT-MOBITEL වීම විශේෂත්වයකි.

Effie Awards යනු ජාත්‍යන්තර සම්මාන වැඩසටහනක් වන අතර, එහිදී සන්නාමයන්හි ජනප්‍රියත්වය වැඩිදියුණු කිරීමට හේතු වූ සාර්ථක අලෙවිකරණ වැඩසටහන් ඇගැයීමට ලක් වේ. මෙම සම්මාන උලෙළේ ශ්‍රී ලංකා අදියර සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය මගිනි. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අතිශය ජනප්‍රිය සම්මාන උලෙළක් වන Effie Awards හිදී සම්මාන හිමි වීම, අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ හිමිවන ඉහළම ගෞරවයක් ලෙස සැලකේ. අභියෝගකාරී කාලපරිච්ඡේදයක් වූ 2022 වර්ෂය තුළ එළිදක්වන ලද නිර්මාණාත්මක ප්‍රවර්ධන වැඩසටහන් රැසක් ඇගැයීමට ලක් වූ, Effie Awards Sri Lanka වැඩසටහන මෙවර පැවැත්වූයේ 13 වන වරට වේ.

SLT-MOBITEL වෙත ලෝකඩ සම්මාන හිමි වූයේ ‘Triple Buddy’ සහ ‘Non-Stop Lokka’ යන ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙනි. SLT-MOBITEL Mobile ‘Triple Buddy’ යනු, විශේෂයෙන්ම Facebook, WhatsApp සහ YouTube වැනි සමාජ මාධ්‍ය බහුලව භාවිතා කරන තරුණ පරපුර ඉලක්ක කරගනිමින් හඳුන්වා දුන්, තරගකාරී ගාස්තු සහිත ඩේටා පැකේජයකි. SLT-MOBITEL සන්නාම තානාපතිනිය වන ජනප්‍රිය ගායිකා ෆැලන් ඇන්ඩ්‍රියාද මෙම වැඩසටහනේ සාර්ථකත්වයට කැපීපෙනෙන දායකත්වයක් දැක්වූවා ය. මෙම ප්‍රවර්ධන වැඩසටහන තුළින් ෆැලන් ඇන්ඩ්‍රියාගේ රසික රසිකාවියන්ටද ආමන්ත්‍රණය කිරීමට හැකි වීම නිසා, රටේ විශාල පිරිසක් වෙත මෙම පණිවිඩය රැගෙන යාමට හැකියාව ලැබිණි.

 

නව අදහස දක්වන්න