රාජා ජුවලර්ස් Be yourself වෙතින් කාන්තාවන් සවිබල ගන්වයි | දිනමිණ

රාජා ජුවලර්ස් Be yourself වෙතින් කාන්තාවන් සවිබල ගන්වයි

රාජා ජුවලර්ස් 2023 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ‘Be Yourself’ තේමාව යටතේ විශේෂ රන් ආභරණ වට්ටම් වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කළේය.මෙම වැඩසටහනේ මූලික අරමුණ නම් ස්වර්ණාභර්ණ ක්ෂේත්‍රයේ නියුතු සියකාර්යය වෙනුවෙන් කැපවීමෙන් හා ආශාවෙන් කටයුතු කරන, දක්ෂතාවලින් පරිපූර්ණ වු දිරිය කාන්තාවන් ඇගයීමයි.

මෙම වැඩසටහන පිළිබඳව රාජා ජුවලර්ස් හි අධ්‍යක්ෂිකා රන්මිණි එළියපුර මෙසේ සිය අදහස් දැක්වීය.“‘Be Yourself’ යනු 2023 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් රාජා ජුවලර්ස් අපගේ කාන්තාවන්ගේ නීර්භීතකම, නොනවතින උනන්දුව හා කැපවීම ඇගැයීමට ලක්කිරීම වෙනුවෙන් ආරම්භ කරනු ලැබූවක්. සෑම කාන්තාවක්ම නිරතුරුවම තමා තුළ පවතින අසමසම ගුණාංගයන් ප්‍රයෝජනයට ගතයුතු අතර, එය ඇයගේ අභිලාෂයන් හඹායෑමේ ආරම්භයයි. එහිදී, ඇය සතුව පවතින දක්ෂතාවන් දියුණු විය යුතු බව අපි තරයේ විශ්වාස කරනු ලබනවා. සමාජ ඒකාකාරීත්වය බිඳ දමමින්, වගකීම් දරාගනිමින් ඉදිරියට පැමිණෙන කතුන් වෙනුවෙන් රාජා ජුවලර්ස් නිරතුරුවම දායකත්වය සපයනු ලබනවා. අපගේ මෙම වැඩසටහනේ මූලික අපේක්ෂා වන්නේ ද, ශක්තිමත් කතුන්ට මැනවින් ඔප දැමූ දිදුළන ආභරණයක් මෙන් බැබළීමට අවශ්‍ය ශක්තිය ලබාදීමයි.”

පසුගියදා ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන ස්වර්ණාභරණ ක්ෂේත්‍රය කෙරෙහි දැඩි ඇල්මක් දක්වන කාන්තාවන් වෙනුවෙන්ම සංවිධානය වු අතර, මෙහිදී අන්තර්ක්‍රියාකාරී ජායාරූප කුටියක් අන්තර්ගත වු අතර එමඟින් පාරිභෝගිකයින්ට සිහිවටනයක් ලෙස තබාගත හැකි පරිදි ක්ෂණික ජායාරූප ලබාගැනීමටද අවස්ථාව හිමි විය.

නව අදහස දක්වන්න