ස්විස් ඉගෙනුම් ක්‍රමයන්ට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකර ව්‍යාපාර සමූහයක්වන බවර් සමාගමට අනුබද්ධිත ස්විස් හොස්පිටැලිටි ඇන්ඩ් මැනේජ්මන්ට් ඇකඩමි (Swiss Hospitality & Management Academy- SHMA) ආයතනය, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ පසුගියදා විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. ඒ, තිරසර වර්ධනය සඳහා කුසලතා (Skills for Sustainable Growth -SSG) නම් වූ සිය විශේෂ පුහුණු වැඩසටහන රට පුරා විසිරුණු තෝරාගත් අධ්‍යයන මධ්‍යස්ථාන වලදී ආරම්භ කිරීම වෙනුවෙනි.
2019 වසරේ සිට වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම සහයෝගීතාවට එළැඹීම සුවිශේෂී සන්ධිස්ථානයකි. මෙම ව්‍යාපෘති කටයුතුවලට අදාළ සැලසුම් ක්‍රියාවලිය මේ වනවිටත් ක්‍රියාත්මක වේ. ඒ යටතේ, SHMA ආයතනය, වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යන මධ්‍යස්ථාන ඇගැයීමේ සහ තෝරාගැනීමේ කටයුතු මෙන්ම ඊට අදාළ යටිතල පහසුකම් නිර්මාණය කිරීමේ කටයුතු සිදුකරමින් සිටියි. එහි අභිප්‍රාය වන්නේ, අධ්‍යයන ධාරිතාව ඉහළ නැංවීම සහ වර්තමාන අධ්‍යයන අන්තර්ගත, විෂයමාලා සහ ඉගැන්වීම් ක්‍රමවේද අන්තර්ජාතික ප්‍රමිතියට සමපාත කිරීමයි.
ව්‍යාපෘතියේ පළමු අදියර 2025 වසර තෙක් ක්‍රියාත්මක වීමට නියමිත ය. ඒ යටතේ සිසුන් 2,240 දෙනෙකුට පුහුණුව හිමිවනු ඇති අතර, වෘත්තීය පුහුණු අධිකාරියේ ආචාර්ය මණ්ඩලයට ද විශේෂ පුහුණුවක් හිමි වේ. ඒ හරහා තම ඉගැන්වීම් කුසලතා වර්ධනය කරගනිමින්, නවමු සහ ප්‍රායෝගික ක්‍රමවේදයක් ද සමඟින් ශිෂ්‍යයින් වෙත අත්දැකීම් පාදක කරගත් අධ්‍යයන අත්දැකීමක් සමීප කිරීමට ඔවුන්ට හැකිවනු ඇත. මෙම පුහුණුවේ තවත් වැදගත්කමක් වන්නේ, හුදෙක් තාක්ෂණික කුසලතා දියුණුවෙන් ඔබ්බට යමින්, පුද්ගල සංවර්ධනය සහ භාෂා පුහුණුව ද ඊට එක්කොට තිබීමයි.
රාජ්‍යයට සහ පෞද්ගලික අරමුදල් හවුල්කාරීත්වයක් යටතේ ක්‍රියාත්මකවන මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යයන ප්‍රමිතීන් ශක්තිමත් කරමින් ගෝලීය මට්ටමට ගෙන ඒමයි. මෙම මාස 9ක වේගවත් පුහුණු වැඩසටහන හරහා ප්‍රායෝගික එළඹුමක් සහිතව කුසලතා පරතරය අවම කිරීමට පියවර ගැනේ. එය විශේෂයෙන්ම විදෙස් රැකියා බලා පිටත්ව යාමේදී වඩාත් හොඳ රැකියා අවස්ථා ලබාගැනීමට අවැසි කුසලතාවලින් ශ්‍රී ලංකාවේ සිටින නුපුහුණු සහ අර්ධ පුහුණු තරුණ තරුණියන් සන්නද්ධ කරයි. ‘Plug & Play’ ක්‍රමවේදයට සකස් කර ඇති මෙම වැඩසටහන ඉගෙනුම ලබන්නන්ට සහ අධ්‍යයන මධ්‍යස්ථානය වෙත වඩාත් ප්‍රායෝගික සහ පහසු අධ්‍යයන ඒකක සහ ක්‍රමවේද හඳුන්වා දෙයි.
නව අදහස දක්වන්න