IODEX සුවසහන බැතිමතුන්ගේ වේදනා සමනය කරයි | දිනමිණ

IODEX සුවසහන බැතිමතුන්ගේ වේදනා සමනය කරයි

වේදනාව සමනය කිරීමේ විශේෂඥයා IODEX, මාර්තු මස 3 වනදා සිට මාර්තු මස 19 වනදා දක්වා දින 17ක කාලයක් පුරා උතුම් ශ්‍රීපාදස්ථානයේ දී දියත් කළ ‘IODEX සුවසහන’ සමාජ සත්කාර වැඩසටහන යටතේ දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ වේදනා සමනය කිරීමට කටයුතු කළේය.

“වේදනාවට ඔබව නතර කිරීමට ඉඩ නොදෙන්න” තේමාව පෙරදැරි කරගනිමින් මීට සය වසරකට පෙර ආරම්භ වූ මෙම ‘IODEX සුවසහන’ සමාජ සත්කාර වැඩසටහන එම කාලය තුළ දිවයිනේ විවිධ ආගමික, සංස්කෘතික පරිශ්‍රවලදී වන්දනාකරුවන්ට සහනය සැලසීමට කටයුතුකර ඇත. මෙවර ශ්‍රීපාදස්ථානය වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගේ හිසේ කැක්කුම්, බෙල්ලේ හා සන්ධි වේදනා සහ කොන්දේ කැක්කුම් වැනි ශාරීරික වේදනා මගින් වන්දනා ගමනට ඇතිවන බාධා අවම කරමින්, සක්‍රියව ශ්‍රීපාදස්ථානය වන්දනාමාන කිරීමේ අවස්ථාව බැතිමතුන් හට ලබාදීම IODEX සුවසහන සමාජ සත්කාර වැඩසටහනේ අරමුණ විය.

ඒ අනුව වෙහෙසට පත් වන්දනාකරුවන්ට ශ්‍රීපාදස්ථාන පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති IODEX සුවසහන කුටි තුළ දී නොමිලයේ පාද සහ හිස සම්බාහනය සිදු කිරීමට IODEX කටයුතු කර ඇත. තවද GSK සමාගමේ ප්‍රධාන සන්නාමයක් වන පැනඩෝල්, වන්දනාකරුවන්ගේ සිරුරේ වේදනා සමනය කිරීම සඳහා පැනඩෝල් පෙති නොමිලේ ලබා දෙමින් මෙම සද් කාර්යය සමඟ අත්වැල් බැඳ ගත්තේය.

‘සුවසහන’ සමාජ සත්කාර වැඩසටහන මඟින් ශ්‍රීපාදස්ථාන කඳු මුදුනට ප්‍රවේශ වීමේදී විවිධ අපහසුතාවලට ලක්වන වන්දනාකරුවන්ට විශේෂයෙන් වැඩිහිටි වන්දනාකරුවන්ට උපකාර කිරීම සඳහා ඒ වෙනුවෙන්ම විශේෂ වූ කණ්ඩායමක් යෙදවීමට කටයුතු කර තිබුණි. තවද මෙම කණ්ඩායම විසින් ශ්‍රීපාදස්ථාන වන්දනාව අතරතුර ආබාධවලට ලක්වන වන්දනාකරුවන්ට උපකාර කිරීමටද කටයුතු කරන ලදී.

GSK ආයතනයේ ශ්‍රීලංකාව සහ මාලදිවයින මෙහෙයුම් ප්‍රධානී චානක වන්නිආරච්චි මහතා මෙම සුවසහන සමාජ සත්කාර වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය. “පසුගිය වසර හයක සිට අප දිවයිනේ විවිධ ආගමික හා සංස්කෘතික ස්ථානවල සුවසහන වේදනා සහන කලාප හරහා බැතිමතුන්ගේ අාධ්‍යාත්මික ජීවිතය වැඩිදියුණු කිරීමට අත්වැලක් වීමට කටයුතු කරමින් සිටිනවා. ” යනුවෙන් පැවසීය.

නව අදහස දක්වන්න