මාලදිවයිනේ මාධ්‍යවේදීන්ට මැතිවරණ තහනමක් | දිනමිණ

මාලදිවයිනේ මාධ්‍යවේදීන්ට මැතිවරණ තහනමක්

මාධ්‍යවේදීන්ට මැතිවරණ ආවරණය කිරීමේ හැකියාව සීමා කිරීමේ සංශෝධනයක් මාලදිවයිනේ පාර්ලිමේන්තුව සලකා බලමින් සිටී. මේ පිළිබඳ එරට මාධ්‍ය ආයතන රැසක් විරෝධතාව පළ කර ඇති අතර, මෑතකදී යෝජිත ව්‍යවස්ථා සංශෝධන ප්‍රතික්ෂේප කිරීම හෝ සංශෝධනය කිරීම මාලදිවයිනේ නීති සම්පාදකයින් විසින් ප්‍රතික්ෂේප කළ යුතු බව මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව පසුගියදා ප්‍රකාශ කළේය.

මාලදිවයින් පාර්ලිමේන්තුවේදී යෝජිත රටේ මහ මැතිවරණ පනතට සංශෝධනයක් සම්බන්ධයෙන් පසුගියදා විවාදයක් ආරම්භ කළ අතර, එරට මාධ්‍ය වාර්තාවලට අනුව රජයේ ලියාපදිංචි සහ මැතිවරණ කොමිසම විසින් අනුමත කරන ලද මාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන්ට පමණක් මැතිවරණ දිනවලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ සහ ඡන්ද ගණන් කිරීමේ ස්ථානවලින් වාර්තා කිරීමට ඉඩ සැලසීමට යෝජනාවක් ද ඉදිරිපත් වී තිබේ.

මාලදිවයින මෙවැනි පියවරක් අනුගමනය කිරීමට සැලසුම් කර ඇත්තේ එරට දකුණු ආසියාතික ත්‍රස්තවාදයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇතැයි පසුගියදා අමෙරිකාවේ වාර්තාවකින් පෙන්වාදීමෙන් පසුවය. මේ තත්ත්වය මත එරට අභ්‍යන්තර තොරතුරු විදෙස් රටවලට ව්‍යාප්ත වීමේ අවදානමට මාධ්‍ය වගකිවයුතු බවට මතයක රජය සිටින බව ඇතැම් මාධ්‍ය පෙන්වා දී ඇත.

සදෙව් රත්නායක

නව අදහස දක්වන්න