විනය භාර ගුරුහිමිනමක් පහරදුන් බව පවසමින් රාජගිරිය ප්‍රදේශයේ පාසලක සිසුවකු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත්ව ඇතැයි වැලිකඩ පොලීසිය කියයි.
මෙලෙස රෝහල් ගතව ඇත්තේ එම පාසලේ එකොළොස් වන වසරේ ඉගෙනුම ලබන මහරගම පදිංචි සිසුවෙකි.
සිසුවා රැවුල වවාගෙන පාසලට පැමිණී ඇති අතර විනය භාර ගුරු හිමි නම තවත් ගුරුවරයකු සමග එක්වී සිසුවාගේ රැවුල කැපීම සඳහා උත්සහ කිරීමේදී සිසුවා ඊට විරුද්ධත්වය පළ කිරීමත් සමඟම විනය භාර ගුරු හිමි නම කන ප්‍රදේශයට ගැසූ බව පවසමින් සිසුවා රෝහල් ගතව ඇතැයි පොලිසිය කියයි.පහර කෑ සිසුවා දින දෙකකට පසු තම කන ප්‍රදේශය රිදෙන බව පවසා රෝහල් ගත වී ඇත.රෝහල් පොලිසියේ ලද දැනුම් දීමක් මත විමර්ශන කටයුතු සිදු කෙරේ.
වැලිකඩ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරාද මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ජි.අයි.තුෂාර උප පොලිස් පරීක්ෂක එස් කේ ඒ මධුරංග මහත්වරු පරීක්ෂණ පවත්වයි.
බණ්ඩාරගම - බිමල් ජයසිංහ
නව අදහස දක්වන්න