Friday, මාර්තු 24, 2023 - 01:00
අලවතුගොඩ පොලිස් වසමේ විලානගම ඇල්ලේකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි ධනුකා මධුවන්ති(26)නමැති කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන පසුගිය 12 වැනිදා සිට 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සෙබළා පෙරේදා(22)දිනයේ නැවත වරක් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. මියගිය කාන්තාවගේ මළ සිරුර ඇගේ නිවෙස ආසන්නයේ පිහිටි කුඹුරක තිබියදී සොයාගනු ලැබුවේ පසුගිය 11 වැනිදා අලුයම් කාලයේ වන අතර එදින පස්වරුවේ පොලිස් නිල සුනඛ අංශයේ සහයෙන් මෙම සැකකාර සෙබළා අත්අඩංගුවට ගෙන තිබේ.
එස්.ජී.විජේරත්න-කටුගස්තොට සමූහ
නව අදහස දක්වන්න