හෙට පැය 10 ක ජල කප්පාදුවක් | දිනමිණ

හෙට පැය 10 ක ජල කප්පාදුවක්

 
හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි
 
මේ අනුව හෙට කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයට මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය කොටිකාවත්ත සහ මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට රත්මලාන සහ කටුබැද්ද ප්‍රදේශවලට පැය 10 ක ජල කප්පාදුවක් සිදු කෙරේ
 
ඒ ලංකා විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරයි
 
ඒ අනුව පෙරවරු 11:00 සිට රාත්‍රී 09:00 දක්වා කාලය තුළ දී පහත ප්‍රදේශ වල ජල සැපයුමට බාධා එල්ල වන බවයි අදාළ නිවේදනයේ දැක්වෙයි. 
 

නව අදහස දක්වන්න