බදුල්ලේ වෙළෙඳ සැල් පරික්ෂාවට | දිනමිණ

බදුල්ලේ වෙළෙඳ සැල් පරික්ෂාවට

 
එළඹෙන උත්සව සමයේ පාරිභෝගික ජනතාව නොමඟ යවමින් අඩු බර සහිත භාණ්ඩ  අලෙවි කිරීමට ඇති ඉඩකඩ වළක්වාලීම උදෙසා බදුල්ල කොට්ඨාශයේ සුපිරි වෙළඳසැල්,  තොග හා කුඩා ප්‍රමාණයේ  වෙළඳසැල්වල සියළුම ආකාරයේ ඇසුරුම් කරන ලද භාණ්ඩ  පරීක්ෂාවට ලක් කිරීමක් අද දින(24)  මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය මඟින් සිදු කර තිබෙයි
 
මෙහිදී බිස්කට් වර්ග ඇසුරුම් කරණ ලද කුළු බඩු  ක්ෂණික ආහාර වර්ගවල සදහන් කරන ලද බර තිබේදැයි දැඩි පරික්ෂාවට  භාජනය වු අතර ඇතැම් වෙළඳ නාමයන් සහිත සහල්,පාන් පිට්,සිනි ඇසුරුම්වල බර අඩු අවස්ථා නිරීක්ෂණය වූ අතර අදාළ වෙළඳ ආයතනවලට ඒ සම්බන්ධයෙන් අවවාද කෙරුණු අතර ඉදිරි පරීක්ෂාවකදී එම වැරැදි නිවැරැදි කරගෙන නොතිබුණහොත් ඔවුනට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් එම නිළධාරීහු පැවසූහ.
 
බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ උපදෙස් මත මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර මිනුම් ඒකක ප්‍රමිති සේවා අධිකාරි දුලිත් අශෝක මහතා ඇතුළු නිළධාරීහු අදාළ වැටලීම් සිදුකළහ.

නව අදහස දක්වන්න