Friday, මාර්තු 24, 2023 - 15:50
හාලිඇළ බෝගොඩ ප්‍රදේශයේ දී සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන් වූ දරුවන් දෙදෙනාගේ සිරුරු බෝගොඩ ඔයේ තිබිය දී සොයාගෙන ඇත
අදාළ දරුවන් දෙදෙනා වයස අවුරුදු 10 හා වයස අවුරුදු 07 පසුවෙයි
ප්‍රදේශයේ කුඩා දිය පහරකින් එගොඩවීමට උත්සාහ කිරීමේදී ඊයේ (23) පස්වරුවේ එම දරුවන් දෙදෙනා මෙම අනතුරට මුහුණ පා තිබුණි.
ප්‍රදේශයට ඇති වූ වර්ෂාව දරුණු වීම නිසා මෙම දිය පහර සැඩ වී ඇති බව ප්‍රදේශ වාසීන් පවසයි
දැරියගේ සිරුර ඊයේ රාත්‍රියේ ද පිරිමි දරුවාගේ සිරුර අද (24) පෙරවරුවේ ද සොයාගත් බව පොලීසිය පැවසීය.
තම මව නිවසට නොපැමිණීම හේතුවෙන් 10 හැවිරිදි පිරිමි දරුවා (අයියා) සහ 07 හැවිරිදි දැරිය (නංගී) මව සොයා ඊයේ පස්වරුවේ නිවසින් පිටවූ අවස්ථාවේදී මෙම අනතුර සිදුවී ඇත.
අසල නිවසක කුලී රැකියාවකට ගිය මව නිවසට පැමිණෙන විට දරුවන් නොසිටීම නිසා දරුවන් පිළිබඳ සොයා බැලීමේ දී මෙම අනතුර සිදු වී ඇති බව අනාවරණය වී තිබෙයි.
එහිදී ඔවුන්ගේ කුඩයක් සහ හිස් වැසුමක් දියපහර ආසන්නයේ තිබී ප්‍රදේශවාසීන් විසින් සොයාගැනීමෙන් පසු දරුවන් දියපහරට ගසාගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබුණි.
සිරුරු බදුල්ල රෝහල වෙත යොමු කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.
නව අදහස දක්වන්න