ව්‍යාජ ඉන්දියානු වීසා වෙබ් අඩවි රැසක් | දිනමිණ

ව්‍යාජ ඉන්දියානු වීසා වෙබ් අඩවි රැසක්

ඉන්දියානු ඊ- වීසා ලබා දෙන පවසමින් වංචා සහගත ලෙස පවත්වාගෙන යනු ලබන වෙඩ් අඩවි කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර ඇත. 
 
එම නිවේදනයෙන් ඔවුන් පවසන්නේ මෙම වෙබ් අඩවි හරහා ව්‍යාජ ලෙස ඉන්දියානු ඊ- වීසා ලබා දෙන බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
 
මේ හේතුවෙන් ඉන්දීය ඊ- වීසා අයදුම්කරුවන් මේ සම්බන්ධයෙන් අවදානයෙන් කටයුතු කරන ලෙසට කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දී තිබේ. 

නව අදහස දක්වන්න