අයි එස් නායකයා සිරියාවේදී තුර්කි හමුදාව අතින් මැරුම් කයි | දිනමිණ

අයි එස් නායකයා සිරියාවේදී තුර්කි හමුදාව අතින් මැරුම් කයි

තුර්කි හමුදාව විසින් සිරියාවේදී අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ නායකයා බවට සැක කෙරෙන අබු හුසේනි අල් කුරේෂි ඝාතනය කළ බව තුර්කි ජනාධිපති රෙසෙප් ටයියිප් ප්‍රකාශ කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. අයිඑස් නායකයා ඝාතනය කර ඇත්තේ තුර්කි ඔත්තු සේවා ඒජන්සිය විසින් සිරියාවේදි සිදුකරනු ලැබූ මෙහෙයුමකදී බවත් තුර්කි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. එහෙත් මේ පිළිබඳ අයි එස් ත්‍රස්ත සංවිධානය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැතැයි ද වාර්තා වේ. තවදුරටත් අයි එස් ත්‍රස්ත සංවිධානයට එරෙහිව මෙහෙයුම් සිදු කරන බව ද තුර්කි ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

අයි එස් සංවිධානයේ නායකයා ලෙස අබු හුසේනි පත් වී ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝබරයේදී එහි නායක අබු අල් හසන් අල් හෂීමි ඝාතනයට ලක් වීමෙන් පසුවය.

නව අදහස දක්වන්න