කොළඹ අශෝක විදුහලට ජිම්නාස්ටික් ශූරතාවක් | දිනමිණ

කොළඹ අශෝක විදුහලට ජිම්නාස්ටික් ශූරතාවක්

ශ්‍රී ලංකා පාසල් ජිම්නාස්ටික් සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව සංවිධාන කළ අන්තර් පාසල් ‘ජිම් ෆෝ ලයිෆ් චැලෙන්ජ්‘ තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ රන් කුසලානය දිනා ගැනීමට කොළඹ අශෝක විදුහල් කණ්ඩායම සමත් විය.

මේ කණ්ඩායමට මහීෂ සංකල්ප, අගස්ති ද සොයිසා, ගණිදු මාලක, විරන ඉන්සුක, ඩිලක්ෂණ චමොද්‍ය, රමාල් ලොකුලියන, සෙත්ම කෙවිද, යාසිරු සාත්‍ය, ඕෂධ තිව්නික, සනිර දිනුජය, බිගුන් පවන්, සවෙන් තේමික, හිරුජ නිම්තරු, දිහේන් දුල්මෙත්, මයෝන් සාරද, සනුද රුසිරු, තිවේන් අස්විත, දිනුජ නෙත්මික, එසද රන්යුග, සන්දුල් විමුතු, විනුල ලොහාන්, යෙනුක දම්සර, තෙවිරු අශේන්, රිසර යෙතුම්, සනග අස්විදු, අවින්ත දිව්‍යාංජන සහ සුසිරි විතාන මේ කණ්ඩායමට ඇතුළත් වූ අතර, කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හර්ෂ ලක්මාල් රාජපක්ෂ සහ සහාය පුහුණුකරු ලෙස ඉදුවර කොඩිතුවක්කු මහත්වරු කටයුතු කළහ.

 

නව අදහස දක්වන්න