කුරුණෑගල නගරාධිපති පිළිබඳ පරීක්ෂණ වාර්තාව වයඹ ආණ්ඩුකාරවරයාට | දිනමිණ

කුරුණෑගල නගරාධිපති පිළිබඳ පරීක්ෂණ වාර්තාව වයඹ ආණ්ඩුකාරවරයාට

කුරුණෑගල මහා නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා වැරදි කිසිවක් සිදු කර ඇත්දැයි ඒක පුද්ගල කොමිෂන් සභාවක් මඟින් සිදු කළ පරීක්ෂණ වාර්තාව වයඹ ආණ්ඩුකාරවරයාට ඊයේ (2) බාර දෙනු ලැබීය.

කුරුණෑගල මහා නගර සභාවේ නගරාධිපතිවරයා වන තුෂාර සංජීව විතාරණ යන අය විසින් මහා නගර සභා ආඥා පනතේ (252 අධිකාරය) 277 (1) වගන්තියේ සඳහන් වැරදි කිසිවක් සිදු කර ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2305/12 අංක දරන විශේෂ ගැසට් පත්‍රය මඟින් පත් කරන ලද විශ්‍රාම ලත් අධිකරණ නිලධාරි ඊ. එම්. එම්. ලලිත් ඒකනායක මහතාගෙන් සමන්විත ඒක පුද්ගල කොමිෂන් සභාවක් වයඹ පළාත් ගරු ආණ්ඩුකාරවර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා විසින් 2022.11.09 දින පත්කරන ලදි.

ඒ අනුව එකී කොමිෂන් සභාවේ පරීක්ෂණ වාර්තාව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඊ. එම්. එම්. ලලිත් ඒකනායක මහතා විසින් 2023.05.02 දින වයඹ පළාත් ගරු ආණ්ඩුකාරවර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මැතිතුමා වෙත වයඔ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී භාර දෙන ලදි.

ඉබ්බාගමුව සමූහ කුමාරි දිසානායක

නව අදහස දක්වන්න