අරුණ දර්ශනගේ හොඳම කාලය ජපානයේදී | දිනමිණ

අරුණ දර්ශනගේ හොඳම කාලය ජපානයේදී

ගයන්තිකාට ප්‍රථම ස්ථානයක්

මීටර් 400 ඉසව්ව නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩක අරුණ දර්ශන සිය හොඳම කාලය වාර්තා කිරීමට ඊයේ සමත් විය.

ජපානයේ පැවැත්වෙන ශිසුඔකා ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 400 ඉසව්වට එක් වූ අරුණ තත්පර 45.446කින් තරගය නිමා කරමින් දෙවැනි ස්ථානයට පත් වූ අතර, එය ඔහුගේ ඉසව්ව නිමා කළ හොඳම කාලය විය.

ලෝක ශ්‍රේණිගත කිරීම්හි ලෝකඩ කාණ්ඩයේ තරගාවලියක් ලෙස පැවැත්වෙන මේ තරගාවලියේදී ඊයේ තරග බිමට පිවිසි මීටර් 800 ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න මිනිත්තු 2:04.35ක කාලයක් වාර්තා කරමින් පළමු ස්ථානයට පත් වූවාය.

මේ තරගාවලියට අරුණ සහ ගයන්තිකාට අමතරව මීටර් 3000 බාධක දිවීමේ ක්‍රීඩකා නිලානි රත්නායක ද එක්ව සිටී.

නව අදහස දක්වන්න