ඉන්දීය ගුවන් මාණ්ඩලික ප්‍රධානී සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති අතර හමුවක් | දිනමිණ

ඉන්දීය ගුවන් මාණ්ඩලික ප්‍රධානී සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති අතර හමුවක්

ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් වී. ආර්. චෞධාරි මහතා ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (02) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමු විය.

එහි පැමිණි ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා ඉතා උණුසුම් ලෙස පිළිගත් රාජ්‍ය ඇමැතිවරයා ඔහු සමඟ සුහද කතාබහක ද නිරත විය. ඉන්දියාව ශ්‍රී ලංකාවට දී ඇති සහයෝගීතාව සහ සහාය වෙනුවෙන් කෘතඥතාව පළ කළ රාජ්‍ය ඇමැතිවරයා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ කලාපීය ආරක්‍ෂාවට සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.

උණුසුම් පිළිගැනීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කළ එයාර් චීෆ් මාර්ෂල් චෞධාරි මහතා දෙරට අතර දිගුකාලීන ආරක්‍ෂක සහයෝගීතාව අඛණ්ඩව පැවතිය යුතු බවත්, ඒ සඳහා තමාගේ සහාය දෙන බවත් පැවසීය.

එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

ඉන්දීය ගුවන් හමුදා නියෝජිත පිරිසට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූද් ද ඇතුළත් විය.

රක්ෂණ ශ්‍රියන්ත

නව අදහස දක්වන්න