මහමැදවච්චිය වැවේ කෙට්ලාවන්ට අපලයක් | දිනමිණ

මහමැදවච්චිය වැවේ කෙට්ලාවන්ට අපලයක්

වැව් ජලයත් දරන්න බැරි තරම් ජාරා වෙලා ලු

කරුවලගස්වැව මහමැදවච්චිය වැවේ කෙට්ලා වර්ගයට අයත් මසුන් විශාල ලෙස හදිසියේ මිය යෑමට පටන් ගෙන ඇති බව ජනතාව පවසති. කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් අංක 640 ඊ කුඩා මැදවච්චිය ග්‍රාම නිලධාරි වසමේ මෙම වැව පිහිටා තිබේ.

ජනතාව පවසන්නේ හදිසියෙ දින කිපයක සිට මහ මැදවච්චිය වැවේ කෙට්ලා වර්ගයට අයත් කිලෝ 10කට වැඩි විශාල මත්සයන් මිය යාම පටන් ගෙන ඇති බවයි.

මෙසේ මිය යාමට පටන් ගෙන ඇත්තේ වසර තුනකට පෙර මෙම වැවට ජලජීවි වගා අධිකාරිය මගින් මුදා හැරි කෙට්ලා මසුන් බව කියයි.

මියගිය මසුන් වැවේ සෑම තැනකම දැකිය හැකි අතර එම මසුන් කුණු වී වැවේ ජලයෙ හා අවට පරිසරය පුරා දරා ගත නොහැකි දුර්ගන්ධයක් හැමීමට පටන් ගෙන ඇති බව ජනතාව පවසයි.

මත්සයින් මිය යාමත් සමග ජලයෙ යම් අවපැහැයක් ගෙන ඇති අතර මිය ගිය මත්සන් සැල්විනියා හා ජපන් අතර රැදි සිටින ඇති අතර එවා කොක්කුන් ආහාරයට ගන්නා බවත් කියයි. ඒ සමඟම මසුන් මිය යාම ආරම්භ වු දින වලදි ඇතැම් පිරිස් මසුන් රැගෙන ගොස් කරවල සඳහා වියළා ඇති බව තවත් පිරිසක් චෝදනා කරති. ජනතාව පවසන්නේ මෙසේ මිය ගිය මසුන් දහසකට (1000) ආසන්න විය හැකි බවත් අක්කර 100 කට ආසන්න වැව් භුමියෙ තැනින් තැන මෙම සිරුරු දැක ගැනිමට හැකි බවත්ය. කෙසේ නමුත් මෙම තත්ත්වය ගැන කිසිදු නිලධාරියකු සොයා බලා නැති බව ජනතාව චෝදනා එල්ල කරති.

ජනතාව පවසන්නේ මෙම තත්ත්වය ස්භාවික තත්වයක්ද එසේ නැත්නම් කුමන කරුණක් නිසා සිදුවන්නට ඇති දැයි වගකිව යුතු නිලධාරීන් දැනුවත් කිරීම කළ යුතු බවය.

මේ පිළිබඳ අදහස් කුඩාමැදවච්චිය දැක්වු කෘෂීකර්ම පර්යෙෂණ සහකාර එස්. එම්. මංගලිකා ප්‍රියදර්ශනී මහත්මිය මෙසේ පවසයි.

“මේ තත්ත්වය මට වාර්තා වුණේ දින කිපයකට පෙර මසුන් විශාල ලෙස මේ වෙද්දී මිය ගිහින් වැව අසලටවත් යන්න බැරි විදිහට දුගඳක් හමනවා.මම අපේ ඉහළ නිලධාරින් දැනුවත් කරන්න මේ වෙද්දි කටයුතු කර තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික් ජලජීවි වගා ව්‍යාප්ති නිලධාරි ඒ. එච්. එච්. විමලරත්න මහතා මේ පිළිබඳ තමන්ට වාර්තා වු බවත් ඒ පිළිබඳ සොයා බැලීමට නිලධාරියකු යැවු බවත් පැවසීය.

පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ

නව අදහස දක්වන්න