කජුගමදී බස් 2ක් ගැටී 23කට තුවාල 12ක් රොහලේ | දිනමිණ

කජුගමදී බස් 2ක් ගැටී 23කට තුවාල 12ක් රොහලේ

කොළඹ මහනුවර මහා මාර්ගයේ බටලීය කජුගම ප්‍රදේශයේදී ඊයේ (5) උදේ සිදු වූ රිය අනතුරකින් කුඩා දරුවන් දෙදෙනකු ඇතුළු 23 දෙනකු තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර, ඊයේ සවස් භාගය වන විට ඉන් 12 දෙනකු ප්‍රතිකාර ලබමින් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මහනුවර සිට මීගමුව බලා ගමන් ගමන් ගත් පෞද්ගලික බස් රථයක් හා කොළඹ සිට මුතූර් බලා ගමන් ගත් ශ්‍රීලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරට ලක් වීමෙන් මේ පිරිස තුවාල ලබා ඇත. පෞද්ගලික බස් රථය වංගුවක් සහිත ස්ථානයේදී තවත් වාහනයකට ඉස්සර කරන අවස්ථාවේ ඉදිරියෙන් ආ බස් රථයේ ගැටීමෙන් මේ අනතුර සිදු වී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිසිය සඳහන් කරයි.

නිට්ටඹුව පොලිසියේ උප පොලිස් පරීක්ෂක මංජුල රාජපක්ෂ, පොලිස් සැරයන් සුමේධ (2035) ඇතුළු නිලධාරීහු සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වති.

කොටදෙණියාව සමූහ - එම්.පී. කුමාර,

වේයන්ගොඩ විශේෂ

නව අදහස දක්වන්න