මහජන මුදලින් කොහුවල පෞද්ගලික පාරකට තාර දාලා ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා | දිනමිණ

මහජන මුදලින් කොහුවල පෞද්ගලික පාරකට තාර දාලා ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා

දෙහිවල - ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශයට අයත් කොහුවල දුටුගැමුණු පාරේ, ඉන්ද්‍රා මාවත සහ සුනන්දාරාම පාර අතර පෞද්ගලික පාරකට දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාව මඟින් කිසිදු පූර්ව දැනුම් දීමක් හෝ නිසි සැලසුමකින් තොරව තාර දැමීමට කටයුතු කිරීම එම ප්‍රදේශවාසීන්ගේ විරෝධයට හේතු වී තිබේ.

වැසි ජලය බැස යෑම සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයකින් තොරව සිදු කරන ලද මෙම තාර දැමීමේදී කානු පද්ධතියක් ද ඉදි කර නැති අතර, ඒ හේතුවෙන් අසල නිවාස රාශියක ජනතාව අපහසුතාවට පත්ව තිබේ. එසේම නිවාස දහයක් පමණ ඇති මෙම පුද්ගලික මාර්ගය සඳහා කඩිමුඩියේ සහ අකාර්යක්ෂමව මෙසේ තාර දැමීම සඳහා මහ නගර සභාව කටයුතු කර ඇත්තේ, දෙහිවල - ගල්කිස්ස නාගරික බල ප්‍රදේශයේ පොදු පාරවල් රාශියක් අබලන්ව තිබියදීය. රාජ්‍ය වියදම් සීමා කර ඇති සමයක, මෙසේ මහජන මුදල් පුද්ගලික පාරක් කාපට් කිරීමට යෙදවීම මෙන්ම, අනවශ්‍ය ආකාරයේ ඉදි කිරීමක් සඳහා යොමු වීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීහු කඩිනම් පරීක්ෂණයක් අපේක්ෂා කරති.

නව අදහස දක්වන්න