දැන්වීම් ප්‍රවර්ධන දායකත්වයට ලේක්හවුස් ප්‍රාදේශීය මාධ්‍යවේදීහු ඇගයෙති | දිනමිණ

දැන්වීම් ප්‍රවර්ධන දායකත්වයට ලේක්හවුස් ප්‍රාදේශීය මාධ්‍යවේදීහු ඇගයෙති

ලේක්හවුස් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සම්බන්ධීකරණය කරමින් මේ වන විට ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක කෙරෙන ප්‍රාදේශීය දැන්වීම් ප්‍රවර්ධන වැඩසටහන සමඟ සම්බන්ධව පසුගිය මාර්තු මාසය තුළ ඉහළ දැන්වීම් ආදායමක් ලේක්හවුස් ප්‍රකාශන වෙත ගෙන ඒමට සමත් වූ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙත එම දැන්වීම් සඳහා හිමි මූල්‍ය ප්‍රතිලාභ ප්‍රදානය පසුගියදා (03) සිදු කෙරිණ.

එහිදී ලේක්හවුස් සභාපති අනූෂ පැල්පිට මහතා විසින් ඊට අදාළ චෙක්පත් ප්‍රදානය කෙරුණු අතර, අවිස්සාවේල්ල ප්‍රාදේශීය මාධ්‍යවේදිනී කල්පනී පද්මපෙරුම, දෙල්ගොඩ ප්‍රාදේශීය මාධ්‍යවේදී සුදත් පුබුදු කීර්ති හා මීගොඩ ප්‍රාදේශීය මාධ්‍යවේදී බුද්ධික කුමාරසිරි යන මහත්ම මහත්මීන් වෙත චෙක්පත් ප්‍රදානය කළේය.

මෙම අවස්ථාවට ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර පරණතන්ත්‍රී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (දැන්වීම්) චින්තක යාපා, ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර උපදේශක (ප්‍රාදේශීය දැන්වීම්) එරන්ද එදිරිමාන්න, දැන්වීම් අංශයේ විධායක නිලධාරිනී දමයන්ති විජේසූරිය යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.

ඡායාරූපය-ගයාන් පුෂ්පික

නව අදහස දක්වන්න