පොහොට්ටුව ප්‍රශ්නවලින් පැන යන්නේ නෑ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර | දිනමිණ

පොහොට්ටුව ප්‍රශ්නවලින් පැන යන්නේ නෑ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රශ්නවලින් පැන නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

"මැයි දිනය සමරන්න අපත් සමඟ එකතු වූ පිරිස්වලට බලපෑම් කරන අවස්ථා තිබුණා. ඒ වුණාට අපේ රටේ සත්‍ය විශ්වාස කරන පිරිස් එකට එකතු වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලන ව්‍යාපාරය බිඳ වට්ටන්න කාටවත් පුළුවන්කමක් නෑ කියන එක ප්‍රායෝගිකව අපි මැයි දිනයේදී ඔප්පු කර පෙන්නුවා. අපට වුවමනා වුණේ නෑ, සමහර දේශපාලන කණ්ඩායම් වගේ බස් දාලා සෙනඟ ගෙන්නන්න. මම ඉතාම වගකීමෙන් කියනවා, අපේ පක්ෂය රුපියල් පහක්වත් වියදම් කළේ නෑ මිනිස්සු ගේන්න. අපට සම්ප්‍රදායික මැයි රැලියක් පවත්වන්න වුවමනා වුණේ නෑ. අපි දන්නවා, රටේ ආර්ථිකය බිඳ වැටිලා යන්තම් ගොඩ එමින් පවතින වෙලාවේ තමයි මේ මැයි දිනය සමරන්නේ කියලා.

අපි එක දෙයක් කළේ නෑ. ඒ ප්‍රශ්න හදලා, කල්ලි ගොනු කරලා, පවුල් පිටින් මැයි දිනයට කැන්දාගෙන ආවේ නෑ. හැබැයි, අපි එක දෙයක් කළා. ඒ තමයි සමහර මාධ්‍යයේ දැවැන්ත විදියට පෙන්වන අය පුංචි පිට්ටනිවලට කොටු කළා. මහ පාරවල්වලට ගාල් කළා. පොඩි බස් නැවතුම්පොළවල්වලට මහනුවර මාකට් එක ළඟ ඔරලෝසු කණුව වගේ තැන්වලට ගාල් කෙරෙව්වා. ඒ විතරක් නෙමෙයි, අපි මහනුවර සහශ්‍ර උයනේ භක්ති ගීත සංදර්ශනයක් පැවැත්වූවා. එතැනටත් සමහර කල්ලි තමන්ගේ මැයි දිනය සමරන්න එකතු වුණා."

රක්ෂණ ශ්‍රියන්ත

නව අදහස දක්වන්න