තුන් හැවිරිදි දරුවකු ලෙස රැජනගෙ අභිෂේක දිනේ... දැන් ජනපති ලෙසින් හිඳී නව රජුගේ කිරුළු දිනේ... | දිනමිණ

තුන් හැවිරිදි දරුවකු ලෙස රැජනගෙ අභිෂේක දිනේ... දැන් ජනපති ලෙසින් හිඳී නව රජුගේ කිරුළු දිනේ...

එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි 1952 වසරේ පෙබරවාරි මාසයේ මහා බ්‍රිතාන්‍යයේ රැජන ලෙස දෙවැනි එලිසබෙත් නමින් අභිෂේක ලබද්දී එම මෞලි මංගල්‍යය සඳහා එස්මන්ඩ් වික්‍රමසිංහ සහ නාලිනී වික්‍රමසිංහ මව්පියන් සමඟ තෙහැවිරිදි රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ පුතණුවන් ද සහභාගී විය. කාලය ඉක්මගොස් රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස එලිසබෙත් රැජනගේ ඇවෑමෙන් ඔහුගේ පුත් තුන්වැනි චාල්ස් ලෙස අභිෂේක ලබන විට එයට සහභාගී විය. තුන්වන චාල්ස් රජු සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ පිළිසඳර යුග දෙකක සහ පදවි දෙකක කාලය මැව් වෙනසක කතාවය.

නව අදහස දක්වන්න