පළාත් පාලන ආයතන සීමා නිර්ණ ජාතික කමිටුවේ අවසන් වාර්තාව මේ මාසයේ | දිනමිණ

පළාත් පාලන ආයතන සීමා නිර්ණ ජාතික කමිටුවේ අවසන් වාර්තාව මේ මාසයේ

පළාත් පාලන ආයතන සීමා නිර්ණ ජාතික කමිටුවේ අවසන් වාර්තාව මේ මාසයේ අවසන් සතිය තුළ භාර දීමට අපේක්ෂා කරන බව, එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා දිනමිණට ඊයේ (07) පැවැසීය.

එහි අතුරු වාර්තාව සඳහා විවිධ පාර්ශ්වවලින් මේ වන විට යෝජනා 400කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බවත් එලෙස යොමු කර ඇති යෝජනා සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ, කඩිනමින් අදාළ පාර්ශ්ව වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බවත් දේශප්‍රිය මහතා කීවේය.

පළාත් පාලන සීමා නිර්ණ ජාතික කමිටුවේ අතුරු වාර්තාවක් පසුගිය අප්‍රේල් 11 වැනිදා අග්‍රාමාත්‍යවරයා වෙත භාර දුන් බවත් එම අතුරු වාර්තාව සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු ඒ පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම පාර්ශ්වයකට අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට දුන් අවස්ථාව පසුගිය 27 වැනිදායින් අවසන් වූ බවද හෙතෙම කියා සිටියේය.

එලෙස ඉදිරිපත් කෙරුණු යෝජනා, සීමා නිර්ණ ජාතික කමිටුවේ අවසන් වාර්තාව සකස් කිරීමේදී සැලකිල්ලට ගැනීමට නියමිතව ඇත. මෙය සිදු කරන ලද්දේ පළාත් පාලන සභිකයන් සංඛ්‍යාව 4,000ක් පමණ දක්වා අඩු කිරීමේ අරමුණ ඇතිවය.

නව අදහස දක්වන්න