ආරක්ෂාව රටේ ආර්ථිකයේ අධිවේගයේ දී ඇල්ලූ සුපිරි ලොරියේ හොර හරක් 19ක් ප්‍රධානම කුලුනයි | දිනමිණ

ආරක්ෂාව රටේ ආර්ථිකයේ අධිවේගයේ දී ඇල්ලූ සුපිරි ලොරියේ හොර හරක් 19ක් ප්‍රධානම කුලුනයි

හොර බලපත්‍ර පෙන්වා පොලිස් බැරියර් 4ක් පන්නලා

සොරාගත් ගවයන් 19දෙනකු ආවරණය කරන ලද සැප පහසු ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු දොඩන්ගොඩ අධිවේගී පිවිසුම ඉදිරිපිට දී ඊයේ (8) අලුයම අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි. මුදාගත් එම ගවයන්ගේ වටිනාකම රුපියල් ලක්ෂ පනහකට ආසන්න බව පොලිසිය කියයි. සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද බවට සැක කරන බලපත්‍රයක් පොලිස් බාරයට ගෙන ඇත. බේරුවල සහ බණ්ඩාරගම අටලුගම ප්‍රදේශවල අනවසර ගව ඝාතනාගාර සඳහා සොරාගත් ගවයන් සැපයීමේ ජාවාරමක් සිදු වන බවට පානදුර වලාන දූෂණ මර්දන මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතාට ලද රහසිගත තොරතුරක් අනුව එහි අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතා අවශ්‍ය සැලසුම් සකස් කිරීමෙන් පසු කරන ලද වැටලීමේදී මෙම ජාවාරම අනාවරණය වී ඇත. මන්නාරම් මුරුක්කන් ප්‍රදේශයේ සිට සැකකරුවන් මෙම ගවයන් රැගෙන ඒම සඳහා නානාන්ටන් ප්‍රාදේශීය ලේකම්ගේ අත්සන සහ මුද්‍රාව ව්‍යාජ ලෙස බලපත්‍රයක් සකස් කරගෙන ඇති බවට බොහෝදුරට සැක කරන බව විමර්ශනවලදී පැහැදිලි වන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සැකකරුවන් මුරුක්කන්, හලාවත හා කොච්චිකඩේ පොලිස් මාර්ග බාධක හතරක දී පරීක්ෂාවට ලක් කර ඇතත් ඒ කිසිදු මාර්ග බාධකයක පොලිස් නිලධාරියෙකුට මෙය ව්‍යාජ ලෙස සකස් කරන ලද බලපත්‍රයක් බවට හඳුනා ගැනීමටත් අපහසු වී තිබීම හේතුවෙන් සැකකරුවන් ඉතා පහසුවෙන් කටුනායක කොළඹ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණ කොළඹ පිටත වටරවුම් මාර්ගය හරහා දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ දොඩංගොඩ පිවිසුමෙන් පිටවී තිබූ බව පොලිසිය කියයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ලොරිය විවෘත කර පරීක්ෂා කිරීමේදී ඒ තුළ ගවයින් 19 දෙනකු සිටි බවත් ගවයන්ට තිබුණු එකම පහසුකම ලොරියෙ උඩ කොටස මඳක් විවෘත කර තිබීම බවත් වැටලීම සිදුකළ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

බණ්ඩාරගම බිමල් ජයසිංහ

පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක

නව අදහස දක්වන්න