ප්‍රචණ්ඩත්වයට එරෙහිව ජනාධිපති කොමිසමක් | දිනමිණ

ප්‍රචණ්ඩත්වයට එරෙහිව ජනාධිපති කොමිසමක්

පසුගිය මැයි 9 වැනි සිදුවීම් නැවත ඇති නොවීම සඳහා ප්‍රචණ්ඩත්වයට එරෙහි  ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි කැබිනට් මණ්ඩලය , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් සිදු කළ බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
 
ඇමතිවරයා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අද (09) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
 
මැයි 9 වැනි අද දිනට ප්‍රචණ්ඩත්වයේ මහා ඛේදවාචකය සිදූ වී වසරක් ගත වන බව සිහිපත් කළ කැබිනට් ප්‍රකාශකවරයා , මෙවැනි සිදුවීම් නැවත ඇති නොවීමට රජයක් වශයෙන් අවශ්‍ය පියවර ගත යුතු බවද පෙන්වා දුන්නේය. 
 
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,
 
“ප්‍රජාත්‍රන්තවාදී රටක යහපැවැත්ම  රදා පවතින්නේ ව්‍යවස්ථාදායකය. විධායකය සහ අධිකරණය යන කුළුණු තුන මතයි. ව්‍යවස්ථාදායකය නීති හදන තැනයි. මෙම උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ජාති ආගම් භේදයකින් තොරව මන්ත්‍රීවරු 225ක් ඉන්නවා. මෙම ව්‍යවස්ථාදායකය නියෝජනය කළ මහජන නියෝජිතයෙක් කුරිරු ලෙස වද දී මහ මගදී මරා දැම්මා. මන්ත්‍රීවරු 72කුගේ නිවාස ගිනිබත් කළා. මහජන නියෝජිතයින් 800කට පමණ විවිධ ආකාරයේ වධ හිංසා කළා. පාර්ලිමේන්තුවට මෙවැනි ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවක් ලෝක ඉතිහාසයේ නැහැ.
 
අපි ඊයේ  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කරන්න කියලා.“
 

නව අදහස දක්වන්න