කෙන්ට් දිස්ත්‍රික් කවුන්සිල ඡන්දයෙන් ශ්‍රී ලංකාවේ දිනූෂා ජය ගනී | දිනමිණ

කෙන්ට් දිස්ත්‍රික් කවුන්සිල ඡන්දයෙන් ශ්‍රී ලංකාවේ දිනූෂා ජය ගනී

එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයේ සෙවනෝක්ස් දිස්ත්‍රික් කවුන්සිලයේ ඡන්දයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දිනූෂා (ශානි) මනම්පේරි තේරී පත් වී ඇතැයි වාර්තා වේ. එම දිස්ත්‍රික් කවුන්සිලයට ඡන්දයෙන් තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව වන දිනූෂා ඈෂ් ඇන්ඩ් නිව් ඈෂ් ග්‍රීන් ප්‍රදේශය නියෝජනය කරමින් ඡන්දයට ඉදිරිපත් වූ අතර, ඡන්ද 1018ක් ලබා දෙවැනි ස්ථානයට පත් වී ඇත. ඇය සමඟ එම ප්‍රදේශයෙන් දිස්ත්‍රික් කවුන්සිලයට තේරී ඇත්තේ තිදෙනකු පමණි. ඒ අනුව ඡන්ද 1066ක් ලබා පළමු ස්ථානයට පත් වූ ලෝරා මැන්ස්ටන් සහ ඡන්ද 918ක් ලබා තුන්වැනි ස්ථානයට පත් වූ මාක් ලින්ඩොප් තිදෙනාම සෙවනෝක්ස් දිස්ත්‍රික් කවුන්සිලයේ නව සාමාජිකයෝ බවට පත් වූහ. තිදෙනාම හරිත පක්ෂයේ නියෝජිතයන් වීම කැපී පෙනේ.

 

නව අදහස දක්වන්න