පෙදරේරුවාගේ බිරිය අනියම් බිරියගේ ගෙල කපලා | දිනමිණ

පෙදරේරුවාගේ බිරිය අනියම් බිරියගේ ගෙල කපලා

මීගොඩ පොලිස් වසමේ වටරැක ගම්මාන පාරේ නිවසක පදිංචිව සිටි වෘත්තියෙන් පෙදරේරුවකු බව පැවසෙන පුද්ගලයකු සමග ජීවත් වූ අනියම් කාන්තාවක් (9) දින ඝාතනය කළ තවත් කාන්තාවක් සහ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ 52 හැවිරිදි කන්දේ ගමගේ ඩිංගි මැණිකේ නමැති කාන්තාවක් බවද පැවසේ.මෙදින මෙම නිවසේ කාන්තාව සමග පදිංචිව සිටි පුද්ගලයා නිවසෙන් බැහැරව ගොස් සිටි අවස්ථාවක මියගිය කාන්තාව පමණක් නිවසේ සිට ඇත. මෙම කාන්තාව නිවසේ සිටින විට පෙදරේරුවාගේ බිරිය යැයි පැවසෙන කාන්තාව සහ ඇගේ සහෝදරයෙකු මෙම නිවෙස ඉදිරිපිටට පැමිණ ගේට්ටුවට තට්ටු කළ අවස්ථාවේ මෙම කාන්තාව ගේට්ටුව ඉදිරිපිටට පැමිණ ගේට්ටුව විවෘත කර ඇත. ඒ සමගම ගේට්ටුවෙන් පිටත සිටි මෙම සැකකාර යුවළ විසින් ගේට්ටුවෙන් ඇතුළු සිටි කාන්තාවට තියුණු ආයුධයකින් පහර දී මෙලෙස ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ සෝකෝ විමර්ශන අංශයේ නිලධාරීහු පස්වරුවේ අපරාධ ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදු කළහ.මීගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

පාදුක්ක සමූහ-රෙක්සි වෙත්තසිංහ, කොට්ටාව ප්‍රදීප් කුමාර

නව අදහස දක්වන්න