මාදන්වල රජමහ වෙහෙර සෑයේ කොත නිරාවරණය අගමැති අතින් | දිනමිණ

මාදන්වල රජමහ වෙහෙර සෑයේ කොත නිරාවරණය අගමැති අතින්

හඟුරන්කෙත, මාදන්වල රාජමහා විහාරයේ ඉදි කළ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම සහ අම්පාර, ලාහුගල නීලගිරි සෑයේ කැණීම් කටයුතුවලදී හමු වූ බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීම අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඉරිදා (7) සිදු කෙරිණි.

මේ අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමි, හඟුරන්කෙත මාදන්වල රාජමහා විහාරාධිපති වැරැල්ලගම සුමංගල හිමි ඇතුළු සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, සී.බී. රත්නායක, යදාමිණි ගුණවර්ධන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහත්වරු සහභාගි වී සිටියහ.

නව අදහස දක්වන්න