කුරුණෑගල හිටපු නගරාධිපති චෝදනා 11කට වරදකරු වෙයි | දිනමිණ

කුරුණෑගල හිටපු නගරාධිපති චෝදනා 11කට වරදකරු වෙයි

නගරාධිපති ධුරයෙනුත් ඉවතට

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාගේ කාලයේ වැරදි සිදුව ඇත්දැයි සෙවීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාගේ නියමයෙන් පත් කළ ඒක පුද්ගල පරීක්ෂණ කොමිසම විසින් නිකුත් කර ඇති වාර්තාව අනුව හිටපු නගරාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා 18න් 11කටම ඔහු වරදකරු බවට තීන්දු කර ඇත.

ඒ අනුව එම පරීක්ෂණ කොමිසම විසින් ලබා දී ඇති නිගමනවලට අනුව තුෂාර සංජීව විතාරණ මහතා 2022.12.31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධුරයෙන් හා සභික ධුරයෙන් පහ කළ අයකු වශයෙන් සැලකිය යුතු බවට නියම කරමින් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද පෙරේදා (8) නිකුත් කරනු ලැබීය.

කුරුණෑගල - පුෂ්පකුමාර ජයරත්න

නව අදහස දක්වන්න