හෝමාගම ප්‍රා/සභාවෙන් සාපෙළ සම්මන්ත්‍රණයක් | දිනමිණ

හෝමාගම ප්‍රා/සභාවෙන් සාපෙළ සම්මන්ත්‍රණයක්

හෝමාගම ප්‍රාදේශීය සභාව සංවිධානය කළ අ.පො.ස(සා.පෙළ) විභාග පෙරහුරු සම්මන්ත්‍රණ මාලාවක් ඉකුත් 9 දා සිට 12 දා දක්වා හෝමාගම අධ්‍යාපන කලාපයේ සිසුන් එක් දහස් තුන්සිය අසූ එක් දෙනෙකු ඉලක්ක කරගනිමින් පාසැල් විද්‍යාල පහකදී පැවති බව හෝමාගම ප්‍රාදේශීය සභාවේ ලේකම් කුමුදුනි ගුණතිලක මහත්මිය පැවසුවාය.

ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලය,මත්තේගොඩ විද්‍යාදීප විද්‍යාලය,මීගොඩ ධර්මරාජ විද්‍යාලය,වෑතර මහා විද්‍යාලය හා හබරකඩ කණිෂ්ඨ විද්‍යාලය යන පාසල් පහක ඉගෙනුම ලබන මෙවර සාපෙළ විභාගයට ඉදිරිපත් වන සිසුන් 1381 දෙනෙකු සදහා මෙම සම්මන්ත්‍රණ මාලාව පැවැත්වුණි.

මෙම වැඩසටහනෙහි ආරම්භක සම්මන්ත්‍රණය ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේදී පැවැති අතර ඒ සඳහා බස්නාහිර පළාත් පාලන සහකාර කොමසාරිස් මල්කාන්ති විජේවර්ධන,හෝමාගම ප්‍රාදේශීය සභාවේ ලේකම් කුමුදිනී ගුණතිලක,හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හේමන්ත ගමගේ,ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේ විදුහල්පති සමන් මංජුල,ඉංග්‍රීසි ගුරු පුහුණු උපදේශිකා කේ.ඩී.හපුආරච්චි,ප්‍රාදේශීය සභාවේ ප්‍රජා සංවර්ධන නිලධාරි ලලිත් නානායක්කාර,හෝමාගම බණ්ඩාරනායක මහජන පුස්තකාලයේ පුස්තකාලයාධිපති විජිත් ජයසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

කොට්ටාව - ප්‍රදීප් කුමාර

නව අදහස දක්වන්න