ධුරයෙන් ඉවත් වෙන ෆින්ලන්ත අගමැතිනිය යුග දිවියටත් සමු දෙයි | දිනමිණ

ධුරයෙන් ඉවත් වෙන ෆින්ලන්ත අගමැතිනිය යුග දිවියටත් සමු දෙයි

ෆින්ලන්තයේ අගමැති ධුරයෙන් ඉවත්වීමට නියමිත සානා මරීන් දික්කසාද වීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දික්කසාද නඩුව දැනටමත් ගොනු කර අවසන් බව ද වාර්තා වේ. වසර 19කට පෙර මාකස් රයිකොනෙන් සමඟ එක්ව ජීවත් වූ ෆින්ලන්ත අගමැතිනිය නීත්‍යනුකූල ලෙස විවාහ වූයේ 2020 වසරේදීය. 37 හැවිරිදි සානා පසුගිය මාසයේ මහමැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු තාවකාලික අගමැති ලෙස කටයුතු කරමින් සිටී. ඇය ලබන මාසයේදී සිය තනතුරෙන් ඉවත්වීමට නියමිතය.

දික්කසාද වූවද මාකස් සමීප මිතුරකු ලෙස ඇසුරු කරන බව ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඇය කියා තිබේ. පස්හැවිරිදි දියණියකගේ මවක වන සානාගේ සැමියා ෆින්ලන්තයේ හිටපු පාපන්දු ක්‍රීඩකයකු වන අතර, මේ වන විට එරට ප්‍රබල ව්‍යාපාරිකයකු බවට පත්වී සිටී.

 

නව අදහස දක්වන්න