ඉරණවිල වෙරළ ඛාදනය උග්‍ර අතට | දිනමිණ

ඉරණවිල වෙරළ ඛාදනය උග්‍ර අතට

මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මාරවිල සිට ඉරණවිල දක්වා වූ වෙරළ තීරය උග්‍ර ලෙස වෙරළ ඛාදනයට ලක් වෙමින් පවතී. පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් වෙරළ තීරයේ උතුරු දෙස විශාල ලෙස ඛාදනයට ලක් වෙන අතර මින් වැඩි බලපෑමක් එල්ල වන්නේ ඉරණවිල ප්‍රදේශයටය.

මාරවිල, තල්විල, තොඩුවාව සහ ඉරණවිල යන ප්‍රදේශවල වෙරළ තීරයේ වෙසෙන ධීවර ජනතාව මේ හේතුවෙන් දැඩි පීඩාවට ලක්ව ඇති අතර වෙරළ තීරයේ පොල් ගස් රැසක් ද විනාශ වී ඇත. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඉදිකර ඇති ආරක්ෂිත ගල්වැටි ද මුහුදේ පවතින රළු ස්වභාවය නිසා විනාශ වී ඇති අතර එම ගල් අතුරා ඇති ආරක්ෂිත රබර් ඇතුරුම් ද විනාශ වී ගොස් තිබේ.

මෙම තත්ත්වය අඛණ්ඩව පැවතුණහොත් වෙරළ තීරයේ ඇති නිවෙස්වලට දැඩි බලපෑම්ක් එල්ල වීමට ඉඩ ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

 

මාරවිල සමූහ - මිහිර විජේසේකර

නව අදහස දක්වන්න