මිතුදම වර්ධනයට වියට්නාම දූත පිරිසක් දිවයිනට | දිනමිණ

මිතුදම වර්ධනයට වියට්නාම දූත පිරිසක් දිවයිනට

 

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය වර්ධනය කිරීම සඳහාත්, බුදු දහම හා බැඳුණු සංස්කෘතිකාංග හුවමාරුවටත් වියට්නාම් දූත පිරිස ශ්‍රී ලංකාව වෙතට පැමිණ තිබේ. මේ වියට්නාම් බෞද්ධ හිමිවරුන් ඇතුළු එම දූත පිරිස සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරින් අතර හමුවක් පෙරේදා (11) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

ශ්‍රී දළදා මාලිගාව, ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය සහ මහියංගණය ආදී බෞද්ධ කේන්ද්‍රස්ථාන වැඳ පුදා ගැනීමත්, නායක හිමිවරුන් සහ මෙරට භික්ෂූන් වහන්සේලා බැහැදැකීමත් මේ දූත පිරිසෙහි අරමුණ වේ. ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති, අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ඇතුළු නිලධාරීහු මේ අවස්ථාවට එක් වූහ.

 

 

උපාලි කරුණාරත්න

නව අදහස දක්වන්න