යාපනේ සංවිධානාත්මක අපරාධ කල්ලියක 8ක් අත්අඩංගුවට | දිනමිණ

යාපනේ සංවිධානාත්මක අපරාධ කල්ලියක 8ක් අත්අඩංගුවට

යාපනයේ නෙල්ලි අඩි ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙන් අට දෙනෙකු ඔවුන් විසින්ම තනාගත් කඩු කිණිසි වැනි ආයුධ තොගයක් සමඟ නෙල්ලිඅඩි පොලීසිය විසින් 13 දා අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සංවිධානාත්මක අපරාධ කල්ලිය මීට දින කීපයකට ඉහතදී වයස අවුරුදු 56 ක පුද්ගලයෙකුගෙන් කප්පම් ඉල්ලා එය ලබා නොදුන් අවස්ථාවේ දී ඔහුට කඩුවකින් කොටා තුවාල සිදු කොට ඔහු බිය ගන්වා තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනයේ නෙල්ලි අඩි පොලීසිය පරීක්ෂණ පවත්වමින් සිටිය දී යාපනයේ එක් තරුණයෙකු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලද තොරතුරකට අනුව මේ සංවිධානාත්මක අපරාධ කල්ලියේ සාමාජිකයන් අටදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නෙල්ලි අඩි පොලීසිය පියවර ගෙන තිබේ.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

නව අදහස දක්වන්න