‘සැමට හිමි බිමක්’ හිමිකම් ඔප්පු 110ක් බදුල්ලේදී බෙදා දෙයි | දිනමිණ

‘සැමට හිමි බිමක්’ හිමිකම් ඔප්පු 110ක් බදුල්ලේදී බෙදා දෙයි

‘සැමට හිමි බිමක්’ දිවයින පුරා හිමිකම් ඔප්පු පිරිනැමීමේ තවත් වැඩසටහනක් සංචාරක සහ ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේදී ඊයේ (14) පැවැත්විණි. එහිදී හිමිකම් ඔප්පු 110ක් පිරිනැමූ අතර, මේ අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නිලන්ත විජේසිංහ, විධායක අධ්‍යක්ෂ හරිස්ක සමරනායක හා බදුල්ල දිස්ත්‍රික් අධ්‍යක්ෂ නිමල් හතරසිංහ මහත්වරු සහභාගි වූහ. මෙහි මීළඟ වැඩසටහන ගම්පහදී පැවැත්වීමට නියමිතය.

 

නව අදහස දක්වන්න