චීනයේ යූනාන්හි විදෙස් කාර්යාලය හා ශ්‍රී ලංකාවේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව: අවබෝධතා ගිවිසුමක් | දිනමිණ

චීනයේ යූනාන්හි විදෙස් කාර්යාලය හා ශ්‍රී ලංකාවේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව: අවබෝධතා ගිවිසුමක්

03 මහජන චීන සමූහාණ්ඩුවේ යූනාන් පළාත් මහජන ආණ්ඩුවේ විදේශ කටයුතු කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමකට එළැඹීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2022 මැයි මස 16 සිට 20 දක්වා සිදු කෙරෙන මහජන චීන සමූහාණ්ඩුවේ යූනාන් පළාතේ ආණ්ඩුකාර වන්(ග්) යූගෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී, මහජන චීන සමූහාණ්ඩුවේ යූනාන් පළාත් මහජන ආණ්ඩුවේ විදේශ කටයුතු කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී ඇත.

එකී අවබෝධතා ගිවිසුම මඟින් අන්‍යෝන්‍ය සංචාර, ආර්ථික, වෙළෙඳ හා වාණිජ, අධ්‍යාපන, සංචාරක, කෘෂිකර්ම, මානව සංස්කෘතික හුවමාරුව, ජනතාවගේ ජීවන තත්ත්වය සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීම අපේක්ෂා කෙරේ.

ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

නව අදහස දක්වන්න