පොල්තෙල් ව්‍යාපාරිකයෙක් ඝාතනය කෙරේ | දිනමිණ

පොල්තෙල් ව්‍යාපාරිකයෙක් ඝාතනය කෙරේ

 
පදවිය මහසෙන්පුර ප්‍රදේශයේ නිවසකට පැමිණි පිරිසක් සිදු කළ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වෙයි.
 
ඔහු 38 හැවිරිදි දෙදරු පියකු බවයි පදවිය පොලිසිය පවසුවේ.
 
පොල්තෙල් ව්‍යාපාරයක් කරගෙන ජීවත්වන ඔහු රාත්‍රියේ නිවසේ සිටියදී යතුරු පැදි දෙකකින් ආ තිදෙනකු ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.
 
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් 119 ලැබුණු තොරතුරකට අනුව පොලිසිය එම ස්ථානයට ගොස් ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා පදවිය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් සිටි බව සඳහන් වෙයි

නව අදහස දක්වන්න