නව ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති | දිනමිණ

නව ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති

 

 


නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් ඊයේ (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරයේ දිවුරුම් දුන්හ.

ඒ අනුව වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස පී.එස්.එම්. චාල්ස් මහත්මිය ද නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ලෙස සෙන්දිල් තොණ්ඩමන් මහතා ද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

ශිරෝමි අබයසිංහ

 

නව අදහස දක්වන්න