සා/පෙළ උපකාරක පන්ති 23 දා රාත්‍රියේ සිට තහනම් | දිනමිණ

සා/පෙළ උපකාරක පන්ති 23 දා රාත්‍රියේ සිට තහනම්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති මේ මස 23 වැනිදා මධ්‍යම රාත්‍රී 12 සිට තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය. උපකාරක පන්ති සංවිධාන කිරීම, පන්ති මෙහෙයවීම හා විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම ඒ අනුව තහනම්ය. අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට බැනර්, අත්පත්‍රිකා, විද්යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම ද සම්පූර්ණයෙන්ම තහනම්ය.සාමාන්‍ය පෙළ විභාගය මැයි 29 වැනිදා සිට ජුනි මස 08 වැනිදා දක්වා රට පුරා විභාග මධ්‍යස්ථාන 3568කදී පැවැත්වේ.

සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න