ෂීෂා යන්ත්‍ර සඳහා ගන්නා මත්ද්‍රව්‍ය තොගයක් රේගුවේ දී කොටුවෙයි | දිනමිණ

ෂීෂා යන්ත්‍ර සඳහා ගන්නා මත්ද්‍රව්‍ය තොගයක් රේගුවේ දී කොටුවෙයි

ඩුබායි සිට මෙරටට ආනයනය කළ බහාලුමක සඟවා තිබූ ෂීෂා යන්ත්‍ර සඳහා භාවිතා කරන නිකටින් අඩංගු මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට රේගු වරාය පාලන ඒකකයට අද (18) හැකිව ලැබී  තිබේ.
 
රේගු නිලධාරීන් සඳහන් කළේ, කිලෝග්‍රෑම් 8,000ක ශුද්ධ බරින් යුත් එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 164ක් බවය.
 
ඔරුගොඩවත්ත, ග්‍රේ ලයින් 01 බහාලුම් පර්යන්තයේදී බහාලුම පරීක්ෂා කිරීමේ කටයුතු අද පෙරවරුවේ සිදුකෙරුණි.

නව අදහස දක්වන්න