ව්‍යාජ ලිපි ලේඛන සැකසීමේ ජාවාරමක නිරත වූ සැකකරුවෙක් මිලියන 2ක් වටිනා යතුරුපැදි 4ක් සමඟ මාට්ටු | දිනමිණ

ව්‍යාජ ලිපි ලේඛන සැකසීමේ ජාවාරමක නිරත වූ සැකකරුවෙක් මිලියන 2ක් වටිනා යතුරුපැදි 4ක් සමඟ මාට්ටු

මත්ලෝලීන් විසින් සොරකම් කරන යතුරුපැදි කුණු කොල්ලයට මිලදීගෙන ඒවාට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ සැකකරුවකු මිලියන 02ක් පමණ වටිනා යතුරුපැදි 04ක් සමඟ කටුනායක පොලිසියේ වංචා විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක මාරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ලද තොරතුරකට අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම්. චමින්ද ප්‍රසාද් නැමැත්තෙකි. මොහු අත්අඩංගුවට ගෙන සිදු කළ වීමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු අනුව යතුරුපැදි සොරකම් කර ගෙනවිත් අලෙවි කළ බව කියන මිනුවන්ගොඩ වැගොව්වේ පදිංචි නුවන් ජයලත් නොහොත් ‘ටොංගා‘ සහ චාමික මනෝජ් යන දෙදෙනාද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. චමින්ද ප්‍රසාද් නැමැති සැකකරු විසින් යතුරුපැදී මිලදීගෙන ඇත්තේ රු. 20,000ක් වැනි ඉතා අඩු මුදලකට යැයි කරන ලද විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි. වැඩිදුර විමර්ශනවලින් පසු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කටාන - බර්ටි වීරසිංහ

නව අදහස දක්වන්න