ලක්ෂ 25ක ටයර් සහ බැටරි සොරාගෙන | දිනමිණ

ලක්ෂ 25ක ටයර් සහ බැටරි සොරාගෙන

හයිලෙවල් පාර මීගොඩ දහම් මාවත ආසන්නයේ පිහිටි වෙළෙඳ සැලකට පෙරේදා (17) රාත්‍රියේ සොරෙන් ඇතුළු වූ පිරිසක් එහි තිබූ ලක්ෂ විසිපහක් පමණ වූ ටයර් සහ බැටරි තොගයක් සොරාගෙන ගොස් ඇතැයි ලද පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු ආරම්භ කළ බව මීගොඩ පොලිසිය පවසයි.

එම වෙළෙඳ සැලෙහි හිමිකරු විසින් කරන ලද පැමිණිල්ලක් මත අදාළ විමර්ශනය ආරම්භ කර ඇත.

වෙළෙඳ සැලෙහි මුදල් ලාච්චුව තුළ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් තිබුණ ද එම මුදල් රැගෙන ගොස් නොමැති බවත් වෙළෙඳ සැලෙහි සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියෙහි ඩීවීආර් යන්ත්‍රය සොරුන් විසින් රැගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි. පැමිණි සොරුන් සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කරන ලද යතුරුපැදි හිස්වැසුම් පැලඳ යතුරුපැදියකින් පැමිණෙන ආකාරය පිළිබඳව දර්ශන කිහිපයක්ම ලැබී ඇති බව මීගොඩ පොලිසියේ උසස් නිලධාරියකු පැවැසීය.

මීගොඩ - බී.කේ. කත්‍රිආරච්චි

නව අදහස දක්වන්න