ඩුබායිවලින් ගෙනා බහාලුමක වාෂ්ප දුම් පානයට ගන්නා දියර පැකට් තොගයක් | දිනමිණ

ඩුබායිවලින් ගෙනා බහාලුමක වාෂ්ප දුම් පානයට ගන්නා දියර පැකට් තොගයක්

සුභාෂිණී සේනානායක

ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කළ සැක කටයුතු බහාලුමක් අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී එහි තිබී රුපියල් 164,000,000ක් පමණ වටිනා ශිෂා නමැති උපකරණය භාවිතා කර වාෂ්ප දුම් පානය සඳහා අවශ්‍ය වන හූකා තරලය (Hookah Tobacco) අඩංගු පැකට්ටු තොගයක් ශ්‍රී ලංකා රේගුව භාරයට ගෙන තිබේ.

එහි මුළු ශුද්ධ බර කිලෝ ග්‍රෑම් 8010ක් වන අතර ග්‍රෑම් 50 බැගින් අඩංගු කුඩා පැකට්ටු 160,200 ක් අඩංගු වී ඇති අතර මෙහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් 164,000,000 ක් පමණ වන බවට තක්සේරු කර තිබේ.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වරාය පාලන අංශය විසින් රැස් කරන ලද බුද්ධි තොරතුරු විශ්ලේෂණයෙන් සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මේ බහාලුම අත්අඩංගුවට ගෙන ඇත.

මේ තරලයේ නිකොටින් 0.05% අඩංගු අතර මෙය ලංකාවට ආනයනය සීමා කර ඇති ද්‍රව්‍යයක් වන බවත් මේ බහාලුම ව්‍යාජ සමාගමක නමට ශ්‍රී ලංකාවට ඒවා තිබූ බවත් කී රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා අන්තර්ජාතික රේගු ජාවාරම් මැඩලීම වරාය පාලන අංශයෙන් සිදු කරන ප්‍රධාන කාර්යයක් වන බවත් ඒ යටතේ මේ බහාලුම අත්අඩංගුවට ගත් බවත් කීවේය.

මේ සම්බන්ධව ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ යූ. කේ. අසෝක රංජිත් මහතා සහ ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය රේගු අධ්‍යක්ෂ චාන්දනී සෙනවිරත්න මහත්මියගේ උපදෙස් පරිදි නියොජ්‍ය රේගු අධ්‍යක්ෂ එච්. එම්. එන්. එස්. රාජගුරු, එන්. එස්. කුමානායක, සහකාර රේගු අධිකාරීවරුන් වන කේ. එම්. බී. එන්. විජේපාල, ටී. ඒ. ජයකොඩි , එස්. නිතිපන් එච්. එම්. එන්. අයි. එන්. බණ්ඩාර සහ බී. ආර්. එපිටවල මහත්ම මහත්මීන් විසින් ඉදිරි පරීක්ෂණ කරති.

නව අදහස දක්වන්න