සිංගප්පූරුවේ සේවය කළ නදීකා 8 වැනි මහලින් වැටී මරුට | දිනමිණ

සිංගප්පූරුවේ සේවය කළ නදීකා 8 වැනි මහලින් වැටී මරුට

මහින්ද අලුත්ගෙදර

සිය දිවි හානි කර ගත්තාදැයි සැකයක්

ගෘහ සේවිකාවක් වශයෙන් සිංගප්පූරුවේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවක් මහල් නිවාසයක 8 වැනි මහලින් වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇය සේවය කළ නිවෙසේ හිමිකරුවන්ගෙන් එල්ල වූ හිරිහැර හේතුවෙන් අදාළ මහල් නිවාසයෙන් පැන සියදිවි හානිකර ගන්නට ඇතැයි සැක පළකරයි.

මෙලෙස මියගොස් ඇත්තේ දංකොටුව, මොටෑමුල්ල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි නදීකා දිල්හානි ප්‍රනාන්දු නමැති කාන්තාව බවට මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.

මීට මාසයකට ඉහත දී මේ කාන්තාව රැකියාවක් සඳහා විදෙස් ගතවී තිබෙන අතර තමා සේවය කළ නිවෙසේ හිමිකරුවන්ගෙන් හිරිහැර සිදුවන බවට සිය මිතුරියකට පවසා ඇත.

කෙසේ වුවද නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවසර ඉල්ලා තිබෙන නමුත් ඊට සුබවාදී ප්‍රතිචාර ලැබී නොමැති අතර ඒ සම්බන්ධයෙන් ද මිතුරියට දන්වා තිබේ.

මියගිය ශ්‍රී ලාංකික කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිංගප්පූරුවේ දී සිදුකර තිබෙන අතර ඇයගේ දේහය අද (19) දිනයේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය.

නව අදහස දක්වන්න