ඇළ දොළ ගංගා යාවි හඬා... ක්‍රිස්ටෝපර් පෝල් සමුදෙයි | දිනමිණ

ඇළ දොළ ගංගා යාවි හඬා... ක්‍රිස්ටෝපර් පෝල් සමුදෙයි

ප්‍රවීණ ගායන ශිල්පි ක්‍රිස්ටෝපර් පෝල් මහතා (87) ඊයේ (18) අභාවප්‍රාප්ත විය.

මේ වන විට ඒ මහතාගේ දේහය මීගමු පාරේ කඳාන මංසන්ධියේ පිහිටි මොඩන් ෆ්ලොරිස්ට් නම් මල්ශාලාවේ තැන්පත් කර තිබෙන අතර, අවසන් කටයුතු ලබන සෙනසුරාදා (20) සවස 2.30ට වැලිගම්පිටිය පොදු සුසාන භූමියේ සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

ආදිහෙට්ටිගේ ක්‍රිස්ටෝපර් එමානුවෙල් පෝල් 1936 අප්‍රේල් 10 දින මොරටුව මොරටුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි හිටපු හමුදා සෙබළකු සහ රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේ සේවකයකු වූ එස්.ඒ. පෝල්ගේ වැඩිමහල් පුත්‍රයා ලෙස උපත ලැබීය. ඔහු සිය ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලබා ඇත්තේ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයෙනි.

හා මල් පිපෙන්නෙ, ඇළ දොළ ගංගා යාවි ගලා, වතුර නාලා, රන් රුවන් තොරණ් තනා, උදේ ගෙදර පුංචි යුද්ධයක්, රාමා සීතා ඔබයි මමයි, පෙම් ලෝකේ පුරා, සුවිසල් මැඳුරක, විශ්වාසය නිදන් කෙරු, සිතක් බිඳුණු පසු, සැමදාම මේ වෙලාවේ, රන් කිරුළේ, මේ කටුරොද ගම්මානේ, මුතුබෙල්ලෝ, මුස්තාපා, ලස්සන සුදු මල්, ඉල්ලීමක් ඔබේ වැනි අතිශයින් ජනප්‍රිය ගීත රැසක් ගායනා කරමින් ශ්‍රී ලාංකික රසික ජනතාව මුසපත් කළේය.

අනුර ප්‍රේමලාල් සහ නෙත්මී පූජනී

නව අදහස දක්වන්න