එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය ගැන මැතිවරණ කොමිසමෙන් තීරණයක් | දිනමිණ

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය ගැන මැතිවරණ කොමිසමෙන් තීරණයක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස මහින්ද අමරවීර මහතා හෝ තිලංග සුමතිපාල මහතා පිළිගැනීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.  
 
මේ සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු කටයුත්ත අවසන් වන තෙක් එම තීරණය ක්‍රියාත්මක බව මැතිවරණ කොමිසම පවසයි. 
 
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරය සම්බන්ධයෙන් මහින්ද අමරවීර මහතා මැතිවරණ කොමිසමෙන් විමසීමක් කර තිබුණි. 
 
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ තීරණය ලිපියක් මගින් මහින්ද අමරවීර මහතා වෙත යොමු කර තිබේ.
 
ඒ, අතිරේක මැතිවරණ කොමසාරිස් බී.පී.සී.කුළරත්න මහතා මහතාගේ අත්සනින්ය. 
 
ඒ අනුව, අදාළ නඩු කටයුත්ත අවසන් වන තෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරය සඳහා මහින්ද අමරවීර මහතා හෝ තිලංග සුමතිපාල මහතා පිළිගැනීම අත්හිටවෙනු ඇත. 
 
තිලංග සුමතිපාල මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස පත් කිරීම නීති විරෝධී බව පවසමින් අධිකරණය හමුවේ අදාළ නඩුව ගොණු කර ඇත්තේ මහින්ද අමරවීර මහතා ය.  

නව අදහස දක්වන්න