කොළඹ-ජ'පුර-කැලණි සරසවි උපකුලපතිවරු සිසු ආරක්ෂාව ගැන ඇමැති ටිරාන් සමඟ සාකච්ඡා | දිනමිණ

කොළඹ-ජ'පුර-කැලණි සරසවි උපකුලපතිවරු සිසු ආරක්ෂාව ගැන ඇමැති ටිරාන් සමඟ සාකච්ඡා

කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර සහ කැලණිය විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් ඇතුළු එම විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් පිරිසක් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා සමඟ විශ්වවිද්‍යාල සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

පසුගිය මැයි මස 16 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති වන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්. ඩී. කරුණාරත්න මහතා ඇතුළු බලධාරීන් සමඟත්, 17 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති වන කථිකාචාර්ය උපුල් සුබසිංහ මහතා ඇතුළු බලධාරීන් සමඟත්, 18 වැනිදා කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති වන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය ඇතුළු බලධාරීන් සමඟත් මේ සාකච්ඡා පවත්වා ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න සහ බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ඇතුළු උසස් නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මේ සාකච්ඡාවලදී විශේෂ අවධානය යොමුව ඇත්තේ සිසුන් මුහුණපාන ගැටලු සම්බන්ධවයි. එහිදී ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අසල ආරක්ෂාව තර කිරීම, ඒ වෙනුවෙන් ආරක්ෂක මුර සංචාර වැඩි කිරීම සහ සිසුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදා ගැනීම ආදිය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන්නැයි පොලිස්පතිවරයාට නියෝග කළේය.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න