මහනාහිමි දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව | දිනමිණ

මහනාහිමි දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක අපවත් වී වදාළ අග්ග මහා පණ්ඩිත, අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහනාහිමියන්ගේ ශ්‍රී දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) අවසන් ගෞරව දැක්වීය. උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර තිබූ රාජගිරිය, කලපළුවාව ගෝතම තපෝවන විහාරස්ථානය වෙත ඊයේ පස්වරුවේ පැමිණි ජනාධිපතිවරයා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, නිකායික මෙන්ම ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ වෙතත්, දායක සභාවන් ඇතුළු සමස්ත බෞද්ධ ජනතාවටත් සිය සාතිශය සංවේගය පළ කළේය.

ඡායාරූප- සුදත් මලවීර, සුලෝචන ගමගේ

නව අදහස දක්වන්න