සා/පෙළ උපකාරක පන්ති හෙට සිට තහනම් කෙරේ | දිනමිණ

සා/පෙළ උපකාරක පන්ති හෙට සිට තහනම් කෙරේ

හෙට (23) මධ්‍යම රාත්‍රී 12 සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
 
මේ  අනුව විභාගයට අදාළව උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි
 
එමෙන්ම අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්නපත්‍ර මුද්‍රණය, ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට වු බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීමද සම්පූර්ණයෙන්ම තහනම් වන බව සඳහන් වෙයි
 
2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි 29 සිට ජුනි 08 වනදා දක්වා දිවයින පුරා විභාග මධ‍්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිතය.
 
මෙම නියෝග කිසියම් පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් උල්ලංඝනය කරන්නේ නම් ඒ පිළිබඳව පැමිණිලි කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි

නව අදහස දක්වන්න